Monday, January 14, 2013

අග විනිසුරු කම කාටද? අපෙනුත් යෝජනාවක්.




දැන් ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව දෝෂාභියෝගය ආණ්ඩුව ජය ගෙන ඇති නිසා ඇයව ඉවත් කිරීමෙන් පසු අග විනිසුරු කමට අලුතින් කෙනෙක් පත් කිරීම ගැන කතා හතර  වටෙන් ඇසෙන්නට පටන්  ගෙන තිබේ.

මේ ගැන වැඩිපුරම කියවෙන නම වී තිබෙන්නේ  හිටපු නීතිපති වරයෙක් වන මොහාන් පීරිස්ගේ නමය.

අවංක දේශප්‍රේමියෙක් වශයෙන් සෑම අවස්ථාවකම රජයට උදව් කිරීම යුතුකමක් වශයෙන් සලකන අපද ඒ ගැන දීර්ඝ වශයෙන් කල්පනා කලෙමු. අප මෙම තනතුර සඳහා නම් කිහිපයක් ම කල්පනා කලෙමු.

ඔවුන්ද මේ තනතුර සඳහා ගැලපෙන බවට කිසිම සැකයක් නැත.

වාසු දේව නානායක්කාර

විමල් වීරවංශ

රාජිත සේනාරත්න

මහින්ද අබේසුන්දර

හඩ්සන් සමරසිංහ

කෙසේ වෙතත් මෙම අයගේ දක්ෂකම් , උගත් කම හා පක්ෂපාතිත්වය සලකා බලා ලකුණු දීමේදී පස් දෙනාටම ලැබුනේ එකම ලකුණු ප්‍රමාණයකි. එම නිසා අනවශ්‍ය ගැ‍ටුමක් ඇති වේ යැයි යන බිය නිසා විකල්ප නමක් සෙවීමට අප කල්පනා කෙරුවෙමු.

එක්වරම අප සිහියට ආවේ මර්වින් සිල්වා ආචාර්ය තුමාය.

මේ දිනවල කැළණියේ සංවිධායක කමත්  නැති වී මස්තබාල්දු වී සිටින එතුමාගේ ප්‍රශ්නයට මෙන්ම , කැළණියේ ප්‍රශ්නයට හා අධීකරණයේ ප්‍රශ්නයටද ස්ථීර විසඳුමක් දීමට ඇති එකම ක්‍රමය එය බව අපට පෙනී ගියේය.

අනික් අතට ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර ඇති වී තිබෙන ගැ‍ටුම විසඳීම සඳහා හොඳම ක්‍රමය ව්‍යවස්ථාදායකයෙන් එතුමා වැනි  කෙනෙක් අධිකරණයට පත් කිරීම බවද අපට අවබෝධ විය.

සුදුසු කම් හා කල් ක්‍රියාව අතින්  බැලූ විට මෝහන පීරිස් මැතිතුමා හා  සිල්වා ආචාර්යතුමා අතර වැඩි වෙනසක් ද නැති නිසා මෙම යෝජනාව ගැන සලකා බලනු ඇතැයි අප උදක්ම බලාපොරොත්තු වෙමු.

3 comments:

  1. //කෙසේ වෙතත් මෙම අයගේ දක්ෂකම් , උගත් කම හා පක්ෂපාතිත්වය සලකා බලා ලකුණු දීමේදී පස් දෙනාටම ලැබුනේ එකම ලකුණු ප්‍රමාණයකි//

    ලකුණු ක්‍රමයේ අවුලක් වෙන්න පුලුවන් , නැත්නම් වාසු දේවයි , රාජිතයි අට පාස් විමලයගේ ලකුණු ගන්න විදිහක් නෑ .

    මම නම් කියන්නේ තාවකාලිකව හරි *මල් රා***ෂ මහත්තයට තමයි අගවිනිසුරු කම දෙන්න ඕනි . එතුමා නිති විගාගෙට ගත්ත ලකුණු ගාන වාර්ථාවක්ය කියලත් කියනවානේ

    ReplyDelete
  2. ඔහේගේ යෝජනාව වැඩක් වුනේ නෑ නේද? ඔන්න මෝහාන් ලොක්කා පත් කරලලු

    ReplyDelete
  3. මොහාන් පීරීස් අවංකයි එයා බොරු කිව්වා කියලා එයා පිලිගත්තා... අවශ්‍ය ලියලා දෙන දේ කියන කෙනෙක් නිසා උඹ අපි උනත් අවුලක් නෑ... අකුරු කියවන්න පුළුවන් නිසා...

    ReplyDelete