Sunday, February 17, 2013

පොදු රාජ්‍ය මණ්ඩල සමුලුව භංග වේවා


2013 පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා රාජ්‍ය නායක සමුලුව කෙසේ හෝ ලංකාවේ පවත්වන්නට ආණ්ඩුව දඟලමින් සිටී. ඒ සඳහා ලැබෙන සහය වෙනුවෙන් සාම්පූර් බලාගාරය ගෙඩි පිටින් ඉන්දියාවට ලියා දෙන්නට සූදානමින් සිටින බව පසු ගිය දා කියැවිණි.

නමුත් දැනට තිබෙන තත්වය නම් ලංකාවේ  ආණ්ඩුවට ( ලංකාවට නොව ලංකාවේ ආණ්ඩුවට ) එතරම් සුභ දායක නොවන බව පෙනී යයි.

නායක සමුලුව ලංකාවේ පවත්වනවාම  යැයි පොදු රාජ්‍ය මණ්ඩල මහ ලේකම් ෂර්මා කියූ බව ආණ්ඩුවට පක්ෂ මාධ්‍යවලින් ( එනම් ලංකාවේ සියලුම ප්‍රධාන ධාරාවේ මාධ්‍ය) කියූ දිනට පසුදාම ෂර්මා එසේ කියා නැතැයි මහලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කලේය.

ඊ ලඟට එලිසබෙත් ‍රැජින ආනිවාර්යෙන් සමුලුවට සහභාගි වනවා යැයි කියන විට නිකුත් වූ ෂර්මාගේ පුවත් නිවේදනයේ ඒ වගක්වත් සඳහන් කර නැත.

අධිරාජ්‍යවාදින්ගේ සමුලුවක් වෙනුවෙන් ලංකාවේ අධිරාජ්‍ය විරෝධී , දේශප්‍රේමි ආණ්ඩුව මෙතරම් පීචන් වෙන්නේ මක්කටදැයි අපට නම් තේරෙන්නේ නැත.

අනිත් අතට ආණ්ඩුව කොතරම් දැඟලුවත් ඊනියා සමුලුව මෙරටට නොලැබෙන බවට වෙන  ඉඟිද පසු ගිය සතියේ දක්නට ලැබිනි.

ආණ්ඩුවේ ප්‍රමුඛ උපදේශකයෙක් වෙන (අඩුම තරමින් එසේ සිතා සිටින ) ,කොළපාට සමාජය ලියූ සී.ඒ.චන්ද්‍රප්‍රේම දිවයිනට ලිපියක් ලියමින් කියා සිටියේ ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලයෙන් ඉල්ලා අස් විය යුතු බවයි.මේ එක එක කෝලමුන් ලවා කියවන්නේ මිදි තිත්ත බවයි.

එපමණක් නොව 2018 පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල ලංකාවට නොලැබීම ඉතා හොඳ දෙයක් බවද ඔහු කියයි. එසේ නම් තුන් හාරසීයක සේනාවක් සමග නිවාර්ඩ් කබ් රාල් ශාන්ත කිට් දූපතට ගියේ නාමල් බේබි සමග කෝච්චි පැදීමට පමණක් විය යුතුය. 



 

5 comments:

  1. //අධිරාජ්‍යවාදින්ගේ සමුලුවක් වෙනුවෙන් ලංකාවේ අධිරාජ්‍ය විරෝධී , දේශප්‍රේමි ආණ්ඩුව මෙතරම් පීචන් වෙන්නේ මක්කටදැයි අපට නම් තේරෙන්නේ නැත.//

    ReplyDelete
  2. //අධිරාජ්‍යවාදින්ගේ සමුලුවක් වෙනුවෙන් ලංකාවේ අධිරාජ්‍ය විරෝධී , දේශප්‍රේමි ආණ්ඩුව මෙතරම් පීචන් වෙන්නේ මක්කටදැයි අපට නම් තේරෙන්නේ නැත.//
    එපමණක්ද නොව හාස්‍ය,
    රජයේ ප්‍රධාන පුද්ගලයින් කිහිප දෙනෙක්ම ඇමරිකානු පුරවැසියන් වීම....
    එහෙ පුරවැසිකම තියාගෙන අපිට බයිලා කිය කිය සිටිනවා.

    ReplyDelete
  3. නරියෙක් මිදි තිත්තයි කියාපු කතාව මතක් උනා. අධිරාජ්‍යවාදීන් නැත්නම් හිටපු තැනක් හොයා ගන්නත් නෑ. එස් එල් එෆ් පී ආන්ඩු හැමදාම කලේ ඕක. එකම දේ යුද්දෙ දින්න එක විතරයි. ඉතිරි සියල්ලම සුද්දය පමණයි

    ReplyDelete
  4. @ මාතලන්
    //එස් එල් එෆ් පී ආන්ඩු හැමදාම කලේ ඕක. එකම දේ යුද්දෙ දින්න එක විතරයි. ඉතිරි සියල්ලම සුද්දය පමණයි//
    Well said.

    ReplyDelete
  5. @“ඒ සඳහා ලැබෙන සහය වෙනුවෙන් සාම්පූර් බලාගාරය ගෙඩි පිටින් ඉන්දියාවට ලියා දෙන්නට සූදානමින් සිටින බව පසු ගිය දා කියැවිණි.“
    අන්තිමට “නටපු තොවිලෙකුත් නෑ - බෙරේ පලුවකුත් නෑ“ වෙයි ද දන්නෑ?

    ReplyDelete