Sunday, March 10, 2013

ජිනීවා- රමණය හා සුරතාන්තය




මේ දිනවල ලංකාවේ සිටින තමන් දේශප්‍රෙමීන් වශයෙන් හඳුන්වා ගන්නා අය හා එම ඊනියා දේශප්‍රේමින් විසින් දේශද්‍රෝහින් වශයෙන් හඳුන්වන අය යන දෙගොල්ලන්ම ජිනීවා හා රමණයේ යෙදෙමින් සිටිති.

මේ දෙපිරිසටම අවශ්‍ය සැඩ පරුෂ ප්‍රචණ්ඩ ,සිරුර වෙව්ලුවා දමන සුරතාන්තයකි.

එනම් ලංකාවට එරෙහිව  ප්‍රබල බලපෑමක් සහිත යෝජනාවක් සම්මත වීමය.

එවිට එම සුරතාන්තය මතක් කරමින් ලබන මාර්තු වෙන තෙක් මෙරට ජනතාව සුරතල් කිරීමට දේශප්‍රේමින්ට හැකි අතර තමන් ජය ගත්තා යැයි සතු‍ටු වීමට  අනික් කණ්ඩායමටද  හැකිය.

එම සුරතාන්තයෙන් ලැබෙන සතුටේ   ප්‍රමාණයට අනුරූපව විදුලි බිල වැඩි වන ප්‍රතිශතය  100% ක්ද ,200ක්ද , 300% ද යන්න  තීරණය වනු ඇත.

එහෙත්  එසේ රමණයේ යෙදෙන අතරම  ,ආණ්ඩුව ඉන්දියාව හා ඇමෙරිකාව සමග ඩීල් එකක්  දමා ගැනීමට හැකි වුවහොත් සුරතාන්තය එතරම් පලක් නැති දියාරු එකක් වනු ඇත.

එම නිසා රති ක්‍රීඩාවේ උච්ච ස්ථානයකට ඒමට ප්‍රථමයෙන්ම, එනම් පෙර ක්‍රීඩාවේ නියලී සිටින අතරේම  සමහර විට විදුලි බිල මෙන්ම තව බොහෝ දෑ මිල ඉහල යාම ට ඉඩ තිබේ.

කෙසේ නමුත් රමණයේ සතුට බොහෝ දෙනෙකුට දැනෙනු ඇත්තේ මාර්තුවේ අප්‍රේල් මාසයේ අවුරුදු කන විටය.

8 comments:

  1. ඒ බං චාවේස් ජිනීවා අරං ගියා නම් උඹ මොනවද කියන්නේ

    ReplyDelete
  2. ඩීල් එකක් දමා ශේප් වන්නට තරම් ඔලුවක් දේශප්‍රේමින් හට තිබේ යැයි මා සිතන්නේ නැත

    ReplyDelete
    Replies
    1. ඩීල් එක දාන්නේ අපේ දේශප්‍රේමින් නොව ඇමෙරිකාව හා ඉන්දියාවයි. දනින් වැටී ඒකට එකඟ වෙනවා හැර විකල්පයක් අපේ දේශප්‍රේමින්ට නැත.

      Delete
    2. ඉන්දියාවට නම් ඩීල් එකක් දීලා රැවුලයි කැඳයි දෙකම බේර ගන්න ඕනි කමක් පෙන්න තියනවා , ඇමරිකාවට නම් ඩීල් දාගන්න අකමැති නම් බලහත්කාරයෙන් වුනත් වැඩේ කරගන්න පුලුවන්නේ . අපේ දේශප්‍රේමින්ට මොක නැතත් අලි ඔලුව තියනවනේ , ඒ නිසා චන්ඩි පාට් දාන්න ගිහින් ඉල්ලං කන්නත් බැරි නෑ

      Delete
  3. ඊට ඉස්සෙල්ලා බඩු යයි වගේ. වෙව්ලලම.
    වැඩිවීම 200%
    ආසියාවේ ආශ්චර්යයයයයයයයයයයයයයයයයය

    ReplyDelete
  4. ෆුල් ආතල්..ෆුල් ආතල්..ගියා වගේ..හික්z..

    ReplyDelete
  5. කොහොමින් කොහොම හරි විදුලිබල දේවිය අරියි වගේ අපිට අපිටත් නොදැ‍නිම

    ReplyDelete