Tuesday, April 30, 2013

කරන්ට, කරන්ට ,අනේ කරන්ට


"ජනාධිපතිවරයා එසේ දේශපාලන පාඩමක්‌ කියා දුන් පසුව ජනක ඇමැතිවරයා ප්‍රදේශයේ පැරැණි ශ්‍රීල.නි.ප. මන්ත්‍රීවරයකු ගැන එක්‌තරා ආරංචියක්‌ ජනාධිපතිවරයාට කීවේය. 
සර්... පළාත් සභාවේ හිටපු අපේ පැරැණිම සාමාජිකයෙක්‌ වන අංගම්මන මන්ත්‍රීතුමා පහුගිය කාලේ නැති වුණා. එතුමගෙ පවුලේ අය අද බොහොම අමාරුවෙන් ජීවත්වෙන්නෙ. එතුමාගේ හොස්‌පිට්‌ල් බිලම ලක්‍ෂ 80 ක්‌ විතර වෙනවලු. එයා මියගියාට දවස්‌ ගාණකට පස්‌සෙ තමයි පළාත් සභා මන්ත්‍රීවරුන්ට වෙහිකල් පර්මිට්‌ එක දුන්නෙ. බැරිද සර් අපිට එයාට උදව්වක්‌ කරන්න. පවුලේ අයට...

ඔව්... අපි ඒක කරමු... ජනාධිපතිවරයා කීවේය. "



(උපුටා ගැනීම දිවයින ලැප්ටොප් සංග්‍රහය)

සටහන- ඔව්, ඔව් , කරන්ට , කරන්ට ,එයාට කරන්ට.ඔයාලටත් කර ගන්ට.  ඔයාලටම කර ගන්ට. එදාවේල කන්ට නැති දුප්පතාගේ ලයිට්  බිල වැඩි කරලා ඒ ගන්න සල්ලි වලින්  කරන්ට. සීනි ටිකට, පරිප්පු සීයට, මිරිස් තුනපහ ටිකට, අල ගෙඩියට විතරක් නෙවේ මන්දපෝෂණෙන් පෙලෙන පොඩි එකා ගේ කිරි පිටි පැකට් එකටත් බදු ගහලා ඒ සල්ලිත් අරගෙන කරන්ට. අපි ඒ අතරේ  බනිසක් කාලා කිරි පැකට් එකක් බීලා  දුමින්ද සිල්වා වෙනුවෙන් රතිඤ්ඤා පත්තු කරන්නම්.

3 comments:

  1. නැහ්නං.... නැහ්නං..... ඔය රතිඤ්ඤ මිළ විතරක් පොඩ්ඩක් අඩු කලා නං තමයි හොඳ නෙහ්.. එතකොට අපිට රතිඤ්ඤ වැලක්ම අපේ වලිගෙ බැඳගෙන පත්තු කරන්න තිබ්බ.

    ReplyDelete
  2. එහෙම ඔක්කෝටම් කරන්න බෑ එතුමට. ඒඩිස් ලෙඩ්ඩුත් වැඩියි කියනවානේ..

    ReplyDelete
  3. ඔව් අනේ කරන්ට පස්ස පැත්තටම කරන්ට

    ReplyDelete