Saturday, May 25, 2013

වීරවංශ මැතිඳුන්ට නිවන් සුව ලැබේවා


ඡායාරූපය - ඒ මහතුන්ගේම සී නිව්ස් අඩවියෙනි.
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු දේශපාලන මණ්ඩල සභික වූත් ,හිටපු ප්‍රචාරක ලේකම් හා පාර්ලිමේන්තු කණ්ඩායම් නායක වූත්  , ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ,  හිටපු කොමියුනිස්ට්වාදි, සමාජවාදි ,මාක්ස්වාදි මහතා අභා. සමාවෙන්න, ඒ මහතා තමන්ගේ පරම්පරාවෙන් ලැබුණ අලියෙක් කඩුවෙල විහාරස්ථානයකට පූජා කර ඇති බව සියලු සැදැවතුන් මෙයින් දැන ගනිත්වා.  

පාද දම්වැලින් බැඳ දමා සිටින  අලියා තමන් මෙවන් වූ පිංකමකට සහභාගි කරගැනීම ගැන ඉමහත් චිත්ත ප්‍රීතියෙන් යුතුව සිටින බවත්, මේ වෙසක් සමයේ මෙවන් පිං කමක් කිරීමට ලැබීම ගැන වීරවංශ ඇමතිතුමා ඊටත් වඩා ප්‍රීතියෙන් යුක්තව සිටින බවත්, අද වැනි දිනක බුදුන් සිටියානම් මේ පිංකම ගැන උන්වහන්සේ පවා සතු‍ටු වනු ඇතැයි වීරවංශ ඇමති තුමාගේ ගරු උපදේශක වසන්ත බණ්ඩාර මැටි මැති තුමා පවසා තිබේ.

මේ අලියා පූජාකිරීමේ උතුම් වූ පිං බලෙන් ඒ සියලු මහතුනට මෙලොව සියලු සැප සම්පත් විඳ අවසනඋතුම් වූ නිර්වාණ සුවය  ලැබේවායි සියලු දෙන ප්‍රාර්ථනා කළ යුතු.

සටහන- ඊයේ පෙරේදා දවසක ලංකා වීව් නම් වෙබ් අඩවියේ පලවු පුවතක් පහත දක්වන්නේ හුදෙක් නිකමට බව සියලු පිංවතුන් දත යුතුයි.

පින්නවල අලි අනාථාගාරයේ තවත් අලියකු පෙරේදා (22දා) කඩුවෙල ප්‍රදේශයේ විහාරස්ථානයකින් පැමිණි පිරිසක් විසින් රැගෙන ගොස් ඇත.අලි අනාථාගාරයට කැලයේ අතරමංව සිටියදී ගෙන එනු ලැබූ මෙම අලියා කුඩා කාලයේදී 'වීරා' නමින් හඳුන්වනු ලැබිණි. පසුව පනාගොඩ යුද හමුදා මූලස්ථානයට ගෙන යනු ලැබූ මෙම අලියා 'කණ්ඩුල-2' වශයෙන් නම් කර ඇත.  
යුද හමුදා ආචාර පෙළපාළි සඳහා යොදාගත් මෙම අලියා නැවැත පින්නවල අලි අනාථාගාරයට පසුගිය කාලයේදී භාරදෙනු ලැබීය.මෙම අලියාට ජලය ලබාදීමට ගිය පළපුරුදු ඇත්ගොව්වකු වූ මංගල ශාන්ත යන අයට පසුගිය දිනෙක මෙම අලියා විසින් පහරදෙනු ලැබීමෙන් අනතුරුව එම ඇත්ගොව්වා දැනට පේරාදෙණිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.
මෙම අලියා රැගෙන යෑමට පැමිණි කණ්ඩායමඅලියා රැගෙන යන අයුරු ඡායාරූප ගතකළ මාධ්‍යවේදීන්ට අසභ්‍ය වචනයෙන් බැන වදිමින් තර්ජනය කර තිබේ.  
අලි අනාථාගාරයේ අලි ගහණය වර්ධනය කිරීම සඳහා ප්‍රජනනයේ යොදාගත හැකි මෙවැනි අලි ඇතුන් මෙලෙස විවිධ ආයතනවලට විශාල වශයෙන් ලබාදීමෙන් අලි අනාථාගාරයට පැමිණෙන දේශීය හා විදේශීය සංචාරකයන්ට නැරැඹීමට ඉතිරි වනුයේ වයස්ගත අලින් කීපදෙනකු පමණක් බවද එම සේවකයෝ පවසති.

4 comments:

  1. දැං ඉතිං කාටත් බලන්න ඉතිරිවෙලා ඉන්නේ වයස් ගත අලි ටිකක් තමා..

    ReplyDelete
    Replies
    1. පවු බන් උඹ ...කසුරිට මහින්ද අබේසුන්දරට වගේම උඹටත් මේ වගේ වෙලාවට ජෝකර් කෙනෙක් වෙනවා ඇර වෙන ඔප්ෂන් එකක් නෑ

      Delete
  2. ඉතිං ඔය අලියා හමුදාවේ කාන්තා බලකායට දුන්නනම් ප්‍රජනන සේවය නියමෙට කරගන්න තිබුනනේ.

    ReplyDelete
  3. සුදු වෑන් එක එයි බලාගෙන!

    ReplyDelete