Monday, May 6, 2013

මහා අඩු කිරීම- The Great Reduction



ජනාධිපති තුමා හම්බන්තොට පැත්තේ ඊවිනින් වෝක් එකක් දමමින් සිටිද්දී හමු වූ පාක්ෂිකයෙක් ආණ්ඩුව විදුලි බිල වැඩි කර ඇති බව එතුමාට කියන කම් ඒ ගැන දැන නොසිටි එතුමා  වහාම කොළඹ පැමිණ ඒ  ගැන සොයා බලා මැයි දිනයේදී ඓතිහාසික ටෝක් එකක් දී විදුලි බිල අඩු කලේය.

මේක ආරංචි වුන විමල් වීරවංශ ඇමතිතුමා ඉංජිනේරු සංස්ථාවෙන් හදා දුන් වේදිකාවේ උඩ සිට කස්තිරමක් අල්ලා "අපි කිව්වේ නැත්ද? ජනාදිපති තුමා විදුලි බිල වැඩි කරපු එක ගැන දැනගෙන හිටියේ නෑ.ඕක වැඩි කලේ පී.බී ජයසුන්දර. ජනාධිපති තුමා  දැන ගත්තානම් වැඩි කරන්ට දෙන්නේත් නෑ. ඔය දැනගත්ත  ගමන්ම අඩු කලා දැක්කා නේද? " ආදි වශයෙන් හේමාකර්ට් කම්කරුවන් මිනී වලේ ඇඹරෙන ජාතියේ ටෝක් එකක් දුන්නේය.

ජනාදිපතිතුමාගේ මේ ජනහිතවාදි, මානවප්‍රේමි ක්‍රියාව දිවයින පත්තරේ ලැප්ටොප් සුමනසේකර විස්තර කරන්නේ මෙහෙමය.

"විදුලිබල මණ්‌ඩලයේ අදාළ බලධාරීන් මෙන්ම ඒ සම්බන්ධයෙන් වගකිව යුතු දේශපාලන අධිකාරිත්වයේ අදූරදර්ශී හා අසමර්ථභාවය විසින් වර්ධනය කරමින්, නඩත්තු කරන ලද විදුලි අර්බුදයේ විපාක ජනතා හිස මතට කඩා පාත් කරවීමට දරන ලද ප්‍රයත්නය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සාධනීය මැදිහත්වීම නිසා නතර වී තිබේ. ජනාධිපතිවරයා විසින් මැයි දිනයේදී මේ රටේ වැඩ කරන ජනතාවට ලබා දෙන ලද අගනා ත්‍යාගයක්‌ ලෙසද අපි එය සලකන්නෙමු. ඒ සඳහා අපගේ ප්‍රශංසාවද පළ කරන්නෙමු. "

වීරවංශලා,සුමනසේකරලා කියන විදියට දැන් ජහමනයා සද්ද වසා දමා චිත්තප්‍රීතියෙන් යුතුව ජනාදිපතිතුමාට ආසිර්වාද කරමින් සිටිය යුතුය. එතුමා විදුලි බිල අඩු කර ඇති නිසාය.

මේ කට්ටිය කියන ඔය මහා අඩු කිරීම ( The Great Reduction ) මොකක්ද කියා අප දැන් බලමු.

ඒකක 60 යනකම් කිසිම සංශෝධනයයක් නැත. ශත පහක් වත් වැඩි වන්නේ නැත. ඒකක 60 කියන්නේ විදුලි බලය පාවිච්චි නොකරනවා හා සමානය. බල්බ දෙකක් පැය කීපයක් පත්තු කර තබන්ටත්, අයි ටී ඇන් එකේ ප්‍රවෘත්ති හා කුණු රස ටෙලි නාට්‍ය දෙකක් බලන්නටත් අමතරව ඉස්කෝලේ යන පොඩි එවුන්ගේ ඇඳුම වල ඉස්සර පලුව මැද ගැනීමටත් පුලුවන. පිට පලුවත් මදින්ට ගියොත් සොරි තමා.ශීතකරණ , හීටර, බීටර, ග්‍රයින්ඩර, වතුර මෝටර, සුම්මාය.

මේ අඩු කිරීමෙන් පවුල් ලක්ෂ විසිපහකට සෙත සැලසෙන බව මේ මහත්තුරු අපිට කියන විට අපි තේරුම් ගත යුත්තේ පවුල් ලක්ෂ විසිපහක් ගල් යුගයට ටිකක් මෙහායින් නතර කර දමා ඇති බවය. ආශ්චර්ය කියන්නේ ඕකටය.60ට වැඩියෙන් පාවිච්චි කරන අනිත් අයටත් කියන්නේ උඹලාත් ගල් යුගේට පලයල්ලා කියලාය.

ඊ ලඟට 61 සිට 180 දක්වා ඒකක භාවිතා කරන අයගේ ඉන්ධන ගැලපුම් ගාස්තුවෙන් 25% කපා දමනු ලැබේ. මාරය. මාරම මාරය. එතුමාගේ මේ සහනය නිසා ඒකක 91 භාවිතා කරන කෙනෙකුට ලැබෙන සහනය කොහොමද?( මෙය 96 දක්වා වැඩි  කර ඇති බව කීයයි.)

වැඩි වීමට කලින්- රු.983

වැඩි කල පසු- රු.3372.00

ඊනියා සහනය ලැබුනු පසු- රු.3100 පමණ

සුම්මට අකලා නේද?

බොරුවේ උපත වන දේශපාලුවන් වේදිකා පලමින් අපි ජනයාට  මහා සහන දුන්නා යැයි කීම අපට සිතා ගත හැකිය. එය සැම දා සිදු වූ අතර ඔවුන්ගේ රක්ෂාවයි. එහෙත් කුප්ප බෝතල පත්තර කාරයින් තමන්ට ලැබෙන කේක් කෑල්ලට, අරක්කු බෝතල් කාලකට මෙතරම් පහත් අඩියකට වැ‍ටුනු යුගයක් අපි නොදනිමු. කණගා‍ටුව නම් දයාසේන ගුණසිංහ වැනි මහා පුරුෂයන් අභීතව අදීනව වැඩ කල තැනක දැන් සිටින්නේ  කුක්කන් වීමයි.

මේ මහා අඩු කිරීම( The Great Reduction) ගැන W3LANKA හි අජිත් පැරකුම් ලියු ලිපියකට දැමූ කොමෙන්‍ටුවක මෙසේ තිබුනි.

පුක පලනකම් බලා සි මැහුම් දැම්මාට පින් දුන්නා වාගෙයි“

වෙන මොකක්ද?

8 comments:

  1. අපිට නම් බිල ආවා. වැඩිකරලා නෑ වගේ. මීටරේ කියවන එකා හිරේ යයිද දන්නෙ නෑ. මට පේන්නේ ඌ දේශද්‍රෝහියෙක්ද කොහෙද...?

    ReplyDelete
  2. ඒකක 60 කියන්නේ විදුලි බලය පාවිච්චි නොකරනවා හා සමානය. බල්බ දෙකක් පැය කීපයක් පත්තු කර තබන්ටත්, අයි ටී ඇන් එකේ ප්‍රවෘත්ති හා කුණු රස ටෙලි නාට්‍ය දෙකක් බලන්නටත් අමතරව ඉස්කෝලේ යන පොඩි එවුන්ගේ ඇඳුම වල ඉස්සර පලුව මැද ගැනීමටත් පුලුවන. පිට පලුවත් මදින්ට ගියොත් සොරි තමා.ශීතකරණ , හීටර, බීටර, ග්‍රයින්ඩර, වතුර මෝටර, සුම්මාය.
    +++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  3. අපේ ගොන්නු දැන් හරි සතුටින්!!

    ReplyDelete
  4. පුක පලනකම් බලා සිට මැහුම් දැම්මාට පින් දුන්නා වාගෙයි

    welsaid

    ReplyDelete
  5. දැන් නම් එකම බලාපොරොත්තුව සජිත් වගේ කෙනෙක් ගැන විතරයි..ඒ මනුස්සයට එන්න දෙන්නේ නැහැනේ අර පිස්සා.


    ( සජිත් 100% හොඳයි කියලා මම කියනේ නැහැ . ඒත් හතර මායිමක වෙන විකල්පයක් පේන්න නැහැ ..)

    ReplyDelete
    Replies
    1. සහන්
      යුන්පියෙ උන් යුන්පියේම පුක පලනකම් බලා සිට මැහුම් දාන්න බලාගෙන ඉන්නවා වාගෙයි.
      (පුක යනු කුණු හරුපයක් නොවේ - කාකා)

      Delete
    2. මොනවා උනත් කියපු කාරණාව නම් 100% ඇත්ත.ඇත්තටම උනෙත් එහෙම දෙයක් තමයි කල්පනා කරාම....

      Delete
  6. අමුතුම කාරනාව නම් "රජ්ජුරුවෝ" මේ කිසිම දේකට මැදිහත් නොවී කිරිසප්පයා වාගේ තිරෙන් පිටුපස සැඟවී සිටීමයි. යම් හෙයකින් ජනතාවට මේ විකාර දරා ගත නොහැකිව කෑ ගැසුවොත් අන්න එතකොට ආඩම්බරකාර පියාණෝ ඉදිරියට ඇවිත් දඩබ්බර ඇමති ලොකු පුතාලාට සද්දයක් දමා මහජනයා නමැති පොඩි පුතාව සනසන්නේය. විදුලි බිල 100% කින් ඉහල දමා යලි 10% කින් පහල හෙලීමද එවැන්නකි. පාතාල කල්ලියක ගෝලයෝ ටික සිය එදිරිවාදියාව හතරමං හන්දියක සිටුවා අසූචි වලින් නැහැව්වාට පසුව, කල්ලියේ ලොක්කා ඇවිත් සරමෙන් අරූගේ මුහුණේ අසූචි පිසදැමීම මීට වඩා තාර්කික ය.

    "හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ"

    ReplyDelete