Monday, December 15, 2014

ඇමතිවරුන්ට යෝජනාවක්


වැඩේ කෙලවී ගෙන  එනබවත් , යුද්දෙන් විතරක් දැන් චන්දේ කොරන්න බැරි බවත් තේ‍ටුම් ගත්තු අපේ මහ රජානෝ නොයෙක් නොයෙක් නූල් සූස්තර දමමින් සිටියි. විපස්සෙ උදවිය බිලී බා ගැනීම,දිනපතා මජන මුදලින් ජහමනයාට දන් සැල් පැවත්වීම, හම්බන්තොට , ගාල්ල, කොළඹ, මාතර, තංගල්ල සිට අනුරාධපුර ‍රැලියට සෙනග ඇද්දවීම වැනි දාහකුත් එකක් විජ්ජා අතර පැට්‍රොල්, ඩීසල් ගෑස් මිල අඩු කිරීමත් වෙනවාය.

මෛත්‍රී , රාජිතත් අරගෙන පැනපු පැනිල්ලට පැට්‍රොල් ඩීසල් රුපියල් හතකිනුත් ගෑස් 250 කිනුත් අඩු කොලේ ජහමනයා කෙරේ හදිසියේ පහල වූ අප්‍රමාණ මානව බක්තිය නිසාමය.

මේ අවස්ථාවේ පොදු ජන හිතාය සුඛාය පිණිස අපි පොඩි යෝජනාවක් ආණ්ඩු පස්සේ ඇමති වරුන්ට හා නියෝජ්ජිය ඇමති වරුන්ට කරන්ට කැමතිය. ඇමති වරු හා  නියෝජ්ජිය කට්ටිය විතරක් කිව්වේ ඊට අමතරව සාමාන්නිය මන්ත්‍රීලා නැතිව ඇතැයි කියන උපකල්පනයෙන්ය.

අපේ යෝජනාව මෙහෙමය,

දවසකට දහ දෙනා  ගානේ ඇමතිලා විපස්සෙට  පැනිය යුතුය.

එතකොට දවස්  පහක් ,හයක් ඇතුලත පෙට්‍රල් , ඩීසල් හා ගෑස් ජනයාට නොමිලේම ලබා ගන්ට හැකි වෙනවාය. 

අඩු ගානේ චන්දේ ඉවර වෙනකම් වත් මේ දෙසැම්බර් නිවාඩු කාලේ හොඳට ගමන් බිමන් ගොහින් , බඩ පිරෙන්න කාලා( දන් සැලුත් තියෙනවා නොව) බඩේ ‍රැල් දිග ඇරගෙන ඉන්න පුලුවන්ය.




7 comments:

  1. තව ටිකක් පැන්නොත් අපිට තෙල් ගහලා ෂෙඩ් ඒකෙන් සල්ලිත් දෙයි වගේ..................

    ReplyDelete
  2. Aniwa,matath hithenne,ehemai (Ranjan)

    ReplyDelete
  3. Gas tanki wala lokkage photo eka gahala "Kalaguna salakamu"kiyala gehewwanam hari,Ethakota hema welawema kussiyene,(Ranjan)

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. හ්ම්. උන්ට තියන ලාභය නැතිකරන් අපිට ලාභ කරන්න උන් පනින්නේ නෑ.

    ReplyDelete
  6. ජර්මනියෙත් එහෙම තමාද?

    ReplyDelete