Wednesday, December 10, 2014

මහින්දට ඡන්දය දිය යුත්තේ ඇයි


ඉහතින් දැක්වෙන්නේ ඊයේ උදයේ කො‍ටුව දුම්රියපොල අසල දී යම් කිසි පිරිසක් විසින් බෙදූ පත්‍රිකාවක මාතෘකාවයි. මේ මාතෘකාව දු‍ටු විගස පත්‍රිකා ලබා ගත් පිරිස් ඒවා එතනම විසි කර දමා සිය අතර එසේ විසි කළ පත්‍රිකා දහස් ගණනම් කො‍ටුව දුම්රිය පොල අවට සුළඟේ පාවෙමින් තිබිනි. ඉතා හොඳ කඩදාසියක මුද්‍රණය කර තිබූ මේ පත්‍රිකාවේ වගකීම ගෙන තිබුනේ අන්තර් විශ්වවිද්‍යාල  ශිෂ්‍ය මධ්‍යස්ථානය නම් සංගමයකිනි. (අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමය නොවේ)

ඉදින් මේ විශ්වවිද්‍යාල සිසුන් යැයි කියා ගන්නා කණ්ඩායම විසින් මෙරට පොදු ජනයා වන අප මහින්දට ඡන්දය දීමට හේතු වශයෙන් දක්වා තිබුනේ පහත කරුණුය.

1.බුලත් විටක් හපා ඇඟිලි දෙකින් දෙතොල් තද කොට අඩි ගණනම් ඈතට බුලත් කෙළ පහරක් විදින්නට හැකිවීම

2.නියරක් දිගේ ඇවිදින්නට පුළුවන් වීම

3. සරම වලාපොට ගැසීම

4.නිරාවරණ දෙපයින්  ඇවිදීම

5. හමුවෙන අයට අයියේ, මල්ලියේ,මාමේ,නැන්දේ,කියා කතාකිරීමට හැකිවීම

6.ඉතිරි පිටාර ගලන දරු සෙනෙහස( අම්මප ඔව් ඕයි)

7.පුංචි දරුවන්ගේ නාසය මිරිකීම

8. බ්ලා බ්ලා බ්ලා

(මොකොද කියන්නේ අපිත් දෙමුද)

5 comments:

  1. දෙඤ්ඤං දෙඤ්ඤං එන්ඩ කියන්ඩකො උදේම අපේ ගෙවල් පැත්තේ....

    ReplyDelete
  2. ඈ බං කලාස්
    ඇත්තටම මේවත හේතු විදියට දක්වල තිබ්බෙ...
    ඇත්තටම ඒක නං හිතාගත්ත හැකි ඔය කියන විස්ස විජ්ජාල උන්දලගෙ දැනුම දැක්ම

    ReplyDelete
  3. ජර්මනියට පිස්සෝ පත් කරන්න නෙවෙයි නේද?

    ReplyDelete
  4. Kawda pissa? Thawama inne kongahage neda.ehenam hari.

    ReplyDelete
  5. අම්මපා මේ අලයෝ ටික ඔහොම හරක් කතා දාලා ෙබදුවාද???

    ReplyDelete