Friday, January 2, 2015

රට බේරා ගත් සැබෑ යුග පුරුෂයා කවුද?

මේ රට මහා විනාශයකින් බේරා ගත් මහා යුග පුරුෂයා කවුද?

ඔහු සරත් ෆොන්සේකාද?

මහින්ද රාජපක්ෂද?

මෛත්‍රීපාල සිරිසේනද?

චම්පික රණවකද?

අතුරලියේ රතනද?

එසේත් නැත්නම් විමල් වීරවංශ  ද?

දේශහිතෛෂී සංවිධානයේ වසන්ත බණ්ඩාරද?

බොබසේ ඥාණසාරද?

කරුණා අම්මාන්ද? කේ පී ද?

දැනට පෙනෙන්නට තිබෙන තත්වය අනුව නම් මේ කිසිවෙක් නොවේ.

ජනවාරි අට වෙනිදා බොහෝ විට මේ පුද්ගලයා ජාතික වීරයෙක් වශයෙන් අභිෂේක කරනු ඇත.

ඔහු අන් කිසිවෙක් නොවේ. මේ ඡායා රූපයේ සිටින පුද්ගලයාය.


ඒ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෛවඥයා වන සුමනදාස අබේ ගුණවර්ධන ය. තව වසර දෙකක් කිසි කරදරයක් නැතිව රට පාලනය කරන්නට ඉඩ තිබු මහින්ද රාජපක්ෂව ජනාධිපතිවරණයකට ඇද දමූයේ ඔහුය. ඉතිරිය චන්ද දායකයින්ට භාරය. 

මොකද කියන්නේ සුමනදාස ව ජාතික වීරයෙක් කරමුද?

9 comments:

  1. මූ බෙල්ලේ එල්ලගෙන ඉන්න එක මුගේ ...........එල්ලන පුලුවන්නම් මරු

    ReplyDelete
  2. හිහි කරමු කරමු
    අපි නැතත් වෙන එකෙක් කරයි

    ReplyDelete
  3. හැබෑම වීරයෙක් නේන්නං.

    ReplyDelete
  4. මිනිහා නියම කට්ටඩියා........... මොකද මිනිහා හරි ගොඩගියානේ..... නැත්තම් රටේ බහුතර කට්ටඩි අපිට කරන්න ඔ්න දේවල් කියනවා ... උන්ට කන්නවත් නැහැ.. ඒත් මෙන්න ඒකට මිනිහා.......

    ReplyDelete
  5. සිරාවට බලාගෙන ගියාම මූ නේ ඕයි නිල නොලත් ජනාධිපති.අණ පනත් ගේන දවස් තීරණේ කරන්නෙ මූ.තනතුරු දෙන උන් තීරණේ කරන්නෙ මූ .ජන්දෙ තියන දවස් තීරණේ කරන්නෙ මූ.ඒ විතරක්ය අර NSB බැංකුවෙ මුල්‍ය තීරණ ගන්නෙත් මූ.අප්පට සිරි අපේ නායකතුමාට ජයවේවා! රටේ නායකතුමාට ජයවේවා !

    ReplyDelete
  6. Minihata nam Kalaguna salakannama wenawa. karaladeepu udawwata.

    ReplyDelete
  7. මොකද නිකම් කිණ්ඩියට වගෙ හැක හැක ගාන්නේ

    ReplyDelete