Saturday, January 17, 2015

තිස්සමහාරාම භූ කම්පනයට හේතුව සොයා ගනී



අද උදෑසන 9.20ට පමණ තිස්සමහාරාමයේ යෝද කණ්ඩිය, මාගම, කිරින්ද ඇතුළු ප්‍රදේශ රැසක පොළොව හෙල්ලීගිය බව ගැමියෝ කියති. තිස්සමහාරාම පොලිසියේ නිලධරයකු පැවසුවේ තමා වාඩිවී සිටි පුටුව ද හෙල්ලී ගිය බවයි.
(ලංකාදීප පුවත් අඩවියෙන්)

තංගල්ල ප්‍රදේශයේ  සිදුවූ රිච්ටර් මාපක අගය දෙකක් වූ සුළු භූමිකම්පාවක් හේතුවෙන් මාගම, තිස්සමහාරාම යෝද කණ්ඩිය හා කිරින්ද අවට පෙදෙස් සෙළවී ගිය බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පවසයි. එහි නිලධාරියෙකු පවසන්නේ භූමිකම්පාවේ අපි කේන්ද්‍රය තංගල්ලේ කාල්ටන් බංගලාව තුල පිහිටා ඇති බවයි. අද උදෑසන 9.20ත් 9.25ත් අතර කාලයේ සිදුවූ භූමිකම්පාවෙන් පොළව දෙදරීමක් දැනුන ද එය නිවාස ඇතුළු ගොඩනැගිලි වලට හානිකර තත්ත්වයක් නොවන බවත් සමහරුන්ගේ ඔලුවලට යම් බලපෑමක් ඇතිවිය හැකි බවත්  එම  භූවිද්‍යාඥයා  කියයි.

මේ පිළිබඳව වැඩි දුරටත් අදහස් පල කළ  එම නිලධාරියා පැවසූයේ යම් කිසිවෙකු තදින් අඩි පොලවේ හැප්පීම නිසා මෙබඳු සුලු භූ කම්පන තත්වයන් ඇතිවීම ස්වභාවික සිද්ධියක් බවත් එය එතරම් ගණනකට ගත යුතු දෙයක් නොවන බවත් ය. එසේම  පොලිස් නිලධාරින්ගේ පමණක් නොව තව බොහෝ දෙනෙකුන්ගේ පු‍ටු මේ දිනවල සෙලවෙන බවත් එයද එතරම් ගණන් ගත යුතු නැති බවද ඔහු තව දුරටත් පැවසීය.

කෙසේ නමුත් මෙම භූ කම්පනය ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් දැයි සොයා ගෙන යන බවත් විමල් වීරවංශ මහතා හෝ වසන්ත බණ්ඩාර මහතා සිටින තැනක්  සොයා ගතහොත්  ඒ ගැන විශේෂ ප්‍රකාශයක් ඔවුන්  ලවා කරවීමට බලාපොරොත්තුවන බව දේශ හිතේෂී ජාතික ව්‍යාපාරයේ නායකයෙක් දුර කතන ඇමතුමකින් අප හා සම්බන්ධ වෙමින් පැවසීය.

15 comments:

  1. ## යම් කිසිවෙකු තදින් අඩි පොලවේ හැප්පීම නිසා මෙබඳු සුලු භූ කම්පන තත්වයන් ඇතිවීම ස්වභාවික සිද්ධියක් බවත් එය එතරම් ගණනකට ගත යුතු දෙයක් නොවන බවත් ය. ## විශේසයෙ න් පරාජය දරාගන්න බැරි මනසින් රජෙක් ලෙස සිතා සිටි අයෙකු අඩි පොලවේ ගසන විට මෙවැනි දේ සිදුවිය හැක .

    ReplyDelete
  2. පොලොව පැලී පණ පිටින් ම නරකාදියට යාමට නියමිතව ඇති. ඔය ඒකේ පෙරහුරුවක්.

    ReplyDelete
  3. මම හිතන්නේ උඹ ලියපු හොඳම නිර්මාණය.

    ReplyDelete
  4. හැබෑවටම //දේශ හිතේෂී ජාතික ව්‍යාපාර// ය අමතකවෙන්න හොඳනෑ.

    ReplyDelete
  5. පොලොව හෙල්ලෙන සද්දේ ආවේ මරා.....ස්, මරා.....ස්, ගාලා ලු.

    ReplyDelete
  6. පහුගිය ටිකේම ඔය වගේ පුංචි පුංචි සිද්දි මං ඉන්න මේ කොල්ලුපිටිය අවටින් වාර්ථා උනා.. ඒත් පහුගිය 9 වෙනිද උදේ ඉඳන් මේ පැත්ත නිශ්චලයි.. :P

    ReplyDelete
  7. අඩේ බුහූමි කම්පාවට හේතුව ඒකද? අඩි පොලවෙ හැප්පීම...මම හිතන් හිටියෙ වෙන දෙයක්...:)

    ReplyDelete
  8. එහෙනම්..... ඉතින්..... අපිත් විසිවෙනවනේ...... මේක බලපාන්නේ ටිකක් ඇතට වෙන්න ඇති... ඈ...?

    ReplyDelete
  9. හිනාවෙන්නද අඩන්නද බං..............

    ReplyDelete
  10. විමල් වීරවංශ මහතා සිටින තැනක් සොයාදුන් කෙනෙකුට කානු කටක් තෑගි කරනු ලැබේ.

    ReplyDelete
  11. කලාමැදිරියා මොකක් ගැන ලිව්වත් ඉවර කරන්නේ වීරවංශගෙන්.

    ReplyDelete
  12. හෙක් හෙක් හෙක්

    ReplyDelete
  13. වීරවංශ මොකක් ගැන කිව්වත් ඉවර කරන්නේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයකින් නෙ බං
    කලාමැදිරියා

    ReplyDelete
  14. එසේම පොලිස් නිලධාරින්ගේ පමණක් නොව තව බොහෝ දෙනෙකුන්ගේ පු‍ටු මේ දිනවල සෙලවෙන බවත් එයද එතරම් ගණන් ගත යුතු නැති බවද ඔහු තව දුරටත් පැවසීය.
    +++++++++++++++++++++++++++

    ReplyDelete
  15. එය කම්පාව කිහිප දෙනෙකුට පමණක් වේදනාත්මක කම්පාවක් වුවත් පොදුවේ මුළු රටටම හා සමාජයටම එම කම්පනය හිතකර බවද වැඩි දුරටත් වාර්තා වේ.

    ReplyDelete