Saturday, June 13, 2015

යහපාලන ආණ්ඩුවට ඔත්තුවක්.

 
පහතින් දැක්වෙන්නේ වික්ටර් අයිවන් මහතා විසින් ලියා ඔහුගේම රාවය පුවත් පතේ පසු ගිය මැයි 31 දා පල වූ ලිපියක කොටසකි.

"තුන්වැනි කථාව තමන් වෙත ගෙන්වා ගත් මාධ්‍ය දෙකක හිමිකරුවන් සමග ජනාධිපති මහින්ද රාජපක්ෂ කළ කතා බහකි. මෙම කථා බහ සිදු වී තිබෙන්නේ අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක අර්බුදයේදී අධිකරණ සේවා කොමිසමේ ලේකම් වරයාට ගල්කිස්සේදී පහරදීමක් සිදු වූ දිනට පෙර දිනය.

අගවිනිසුරු ප්‍රශ්නයේදී මෙම ලේකම් වරයා රඟපාමින් තිබෙන භූමිකාව ගැන විස්තරයක් කිරීමෙන් පසු මෙම ලේකම් වරයා ගල්කිස්සේදී පහර දීමකට ලක් වනු ඇති බව කියා සිටිමින්  ඒ සිද්ධිය වාර්තා කිරීමේදී සිදිධිය සිදු වන ස්ථානය අසල ඇති මසාජ් පාලරයද රූපරාමු වලට හසු කරගන්නා ලෙස කැමරාකරුවන්ට උපදෙස් දෙන මෙන් මෙම හිමිකරුවන් දෙදෙනාට ජනාධිපතිවරයා කියාතිබේ.

පුදුමයකට මෙන් මෙම නාලිකා දෙකම සිද්ධිය වාර්තා කර ඇත්තේ මසාජ් පාලරයේ රූපරාමුද ඇතුලත් වන ආකාරයටය  
..........................................................

මෙම කතාව සත්‍යක් නම් ඉන් පෙනෙන වැදගත්ම දෙයක් වනුයේ කරන්නට සැලසුම් කර තිබූ අපරාධකාරි වරදක් කල්තියා කියන්නට තරම් මෙම නාලිකා දෙකේ හිමිකරුවන් ජනාධිපතිවරයාගේ විශ්වාසවන්ත සගයන් වී සිටීමය."

මට නම් මෙහි ඇති වැදගත්ම දෙය වික්ටර් අයිවන් මහතාට වැදගත්ම දෙය වූ දේ නොවේ. මෙහි ඇති වැදගත්ම දෙය නම් එවකට රටේ ජනාධිපති අධිකරණ සේවා කොමිසමේ ලේකම් වරයාට පහර දීමට කුමන්ත්‍රණය කර එය ක්‍රියාවට නංවා ඇති බවයි. එසේ නොවේනම් අඩුම තරමෙන් එවැන්නක් සිදුවන බවට ඔහු දැන සිටි බවයි.එසේම එයට අනුබල දී ඇති බවයි

එනම් හිටපු ජනාධිපතිවරයා රටේ දණ්ඩ නීති සංග්‍රහය අනුව සාපරාධි වරදක් කර ඇති බවයි.

එසේම මෙම කියන මාධ්‍ය  ආයතන හිමිකරුවන් දෙදෙනා ද අපරාධ සහායකයින් බවයි.

වික්ටර් අයිවන් කියන්නේ සත්‍යයක් නම් කළ යුත්තේ හිටපු ජනාධිපතිවරයාට හා මෙම මාධය ලොක්කන් දෙදෙනාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමයි.

ඒ සඳහා වැඩි වෙහෙසක් ගත යුතු නොවේ.

වික්ටර් අයිවන් මහතාගෙන් මාධ්‍ය ලොක්කන් දෙදෙනාගේ නම් අසා ගෙන ඔවුන් ප්‍රශ්න කිරීම පමණි කළ යුත්තේ .

මාධ්‍ය ලොක්කන්ගේ හා දේශපාලකයින්ගේ යාලු මිත්‍රකම් ගැන දෙවනුව සලකා බැලිය හැකිය.

2 comments:

  1. dan api mokada karanna one

    ReplyDelete
  2. ඔය විදියට බැලුවොත් මහින්දට ජන්දේ දීපු මිනිස්සුත් අපරාධ සහායකයෝ වෙනවා.ඒ යුගයේ මාධ්‍ය වෙත තිබු සෘජු,අනියම් තර්ජන එක්ක මාධ්‍ය ලොක්කෝ ඔලුව බේරන් ඉන්න ඇත්තේත් හරිම ආමාරුවකින් වෙන්න ඇති.

    ReplyDelete