Thursday, September 3, 2015

කිසිම ආකාරයක පරීක්ෂණයක් අවශ්‍ය නැතිද?

 
එක්සත්  ජාතින්ගේ මානව හිමිකම් කවුන්සලය ලංකාවේ සිදු වූ යුද අපරාධ ගැන ජාත්‍යන්තර විමර්ශනයක් අවශ්‍ය යැයි කියනා කාලයේ විමල් වීරවංශ, ගුණදාස අමරසේකර ඇතුලු පිරිස් මර හඬ දුන්නේ  " ඕක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්, ලංකාවේ ස්වාධිපත්‍ය විනාශ කරන්න හදනවා , රටේ අභ්‍යන්තර ප්‍රශ්න වලට බටහිර  කුමන්ත්‍රණ කාරයෝ ඇඟිලි ගහනවා, කොටි සංවිධානය පරදවලා ප්‍රභාකරන් මරපු එකේ වාඩුව ගන්න හදනවා, ලංකාවේ හමුදාවට දඬුවම් කරන්න හදනවා,මහින්දව විදුලි පු‍ටුවේ තියන්න උත්සහ කරනවා" ආදි    නොයෙක් ආඩපාලි  කියමිනි.


දැන් ලංකාවේ ඇති වූ අලුත් තත්වයත් සමග ලංකාවට ඇමෙරිකානු සහකාර ලේකම් වරියක  නිශා බිස්වාසි " අන්තර් ජාතික පරීක්ෂණයක් අවශ්‍ය නැත, දේශීය පරීක්ෂණයක් පවත්වන්න" යි කියන  විටද ඉහත පිරිස් නැවත හඬ තලමින් , " මේක මර උගුලක්, බටහිර කුමන්ත්‍රණක්, අපි ඉවරයි, අපි නැ‍තෝ, අපිව කන්ට හදනවෝ " ආදි වශයෙන් කියමින් ඔව්හු නැවතත් හඬ තලමින් සිටිත්.

මෙයනම් පුදුම තත්වයකි. දේශීය පරීක්ෂණත්  විජාතික කුමන්ත්‍රණය. අන්තර්ජාතික පරීක්ෂණත් කුමන්ත්‍රණය. 

 දැන් මොවුන් කියන්නේ කුමක්ද?\

කිසිම ආකාරයක  පරීක්ෂණයක් අවශ්‍ය නැති බවද? 

සියළුම ආකාරයේ පරීක්ෂණවලට විරුද්ධ වන්නේ සඟවා ගැනීමට යමක් තිබෙන නිසාද?

කරුණු එසේ නම් ඒ " යමක්" මොනවද?

පරීක්ෂණයක් අවශ්‍යම වන්නේ ඒ " යමක්"  නිසා නොවේද?

3 comments:

  1. ඔච්චර දෙයක් තෙරෙන්නෙ නැද්ද ? හැබෑට හංගන්න කොච්චර දේවල් තියනවාද ? හරිනං උසාවි පවා තියෙන්න ඕන අපි වගේ ඇනෝලට (බයේ කොමෙන්ටු දාන එව්වොන්ට) අයටයි බ්ලොග් ලියන අමාවකල වගේ අයටයි හා මූනු පොතේ සටහන් දාන එව්වන්ටයි විතරයි.

    ReplyDelete
  2. විමල්ගේ කතා වල කොහොමත් වලංගුතාවයක් දැන් නැහැ.නිකම් සම්ප්‍රාපලප කියවනවා විතරයි.

    ReplyDelete
  3. කොටි සංවිධානය විසින් කරපු අපරාධ ගැන පරීක්‍ෂණයක් ඕනෑ නැද්ද?

    ReplyDelete