Thursday, January 30, 2014

අනුවේදනීය කතාවක්



-ඔබට කියන්න පුලුවන්ද ඇයි කියලා ඔබ මේ පක්ෂයෙන් ම චන්දේ ඉල්ලන්න හිතුවේ කියලා

- ඒක හරිම අනුවේදනීය කථාවක් චතුර , ඉහි ඉහි මට ඇඬෙනවා මතක් වෙනකොටත්  ඉහි ඉහි

- හරි හරි නාඬා කියන්නකෝ ඉතින්

-ඉහි ඉහි මෙහෙමයි චතුර, අපි පොඩි කාලෙ හරි දුප්පත්. ඩැඩීට තිබුනේ එක කාර්  එකයි. ඉහි ඉහි, ඉති ඩැඩී ඒක අරං ගමන් ගියාම අපිට ෂොපින් යන්න්න වෙන්නේ බස් එකේ. ඉහි ඉහි ඉහි

- හරි හරි අපිට තේරෙනවා කියන්නකෝ ඉතින්

- ඉතින් දවසක්, ඉහි ඉහි, අම්මියි මායි , සුපර් මාකට් එකට ගියා බස් එකේ. අනේ අපේ අම්මි  හරි දුකක් වින්දේ ඒ දවස් වල, ඉහි ඉහි ඉහි, හිතන්නකෝ බස් එකේ යන්න වුනාම. ඉතින් අපි සුපර් මාකට් එක ලඟට යනකොටම චටපට චටපට දඩ බඩ දඩාං ගාලා සද්දයක් ඇහුනා. මට හරිම බය හිතුනා ඉහි ඉහි ඉහි අපේ අම්මිටත් බය හිතුනා . මට චූත් ගියා. අනේ අපේ අම්මි පවු. ඉහි ඉහි ඔයා දන්නේ නෑ චතුර ඒ වගේ දෙයක් ඔයාට වෙලා නෑනේ.

- ඉතින් මොකක්ද ඒ සද්දේ. අනික ඔබ කිව්වේ  නෑනේ ඒ සද්දෙයි මේ දේශපාලනෙයි අතරේ සම්බන්දේ.

- ඉහි ඉහි චතුර ඒක යූ ඇන්පී කාරයෝ දාපු රතිඤ්ඤා සද්දයක් චතුර, ඉහි ඉහි

- ඉතිං

- ඉතිං අපි බය වෙලා ඉන්නව දැකපු බුරුසු ‍රැවුලක් තියෙන මාමි කෙනෙක් ඇවිත් මට උම්මා එකක් දීලා මගේ බය නැති කරා ඉහි ඉහි, ඒ විතරක් නෙවේ අපේ අම්මිටත් උම්මා එකක් දුන්නා එයාගෙත් බය නැති වෙන්න.ඉහි ඉහි ඉහි

- ඉත්තින්

-ඉත්තින් එදා ඉඳලා මගේ අම්මියි මායි බුරුසු ‍රැවුල් තියෙන මාමිලාට හරිම ආදරෙයි. ඒකයි මේ සැරේ මම බුරුසු ‍රැවුල්  මාමගේ පක්ෂෙන් චන්දේ ඉල්ලන්නේ .ඉහි ඉහි මං පොඩ්ඩක් අඬන්නම් හොඳේ.

- හරිම අනුවේදනීය කතාවක්. ඇති වෙනකම් අඬන්න සුදෝ , මටත් ඇඬෙනවා


සටහන- මා මෙවර මැතිවරණයේදී ගයේෂා පෙරේරාට චන්ද දීමට තීරණය කර සිටිමි. මක් නිසාද යත් වෙනත් අපේක්ෂකයින් අපට පස්ස පෙන්වන්නේ චන්දය දිනීමෙන් පසුය. එහෙත් ගයෙෂා කලින්ම ඒ  දෙය  අපට කර ඇත. ඒ නිසා චන්දය දිනීමෙන් පසු  ඇය අපිට කරන්න යන දේ ගැන සැකයක් නැත. (. මෙම සටහනත් ඉහත නාට්‍යත් අතර සම්බන්ධය්ක් නැති බව කරුණාවෙන් සලකන්න. )

Friday, January 17, 2014

හිරුණිකා මගෙ නංගියේ


හිරුණිකා  මගෙ නංගියේ ඇයි
උසාවිය ලඟ  ගොම්මනේ ....//

පත්තරේ ඇති විස්තරේ 
දුමියගේ පව් සෝදනා
රත්තරන් වී රජතුමා දැන් 
චන්ද්‍රයා සේ පායලා
හිරුණිකා  ඇති දඟ  කලා දැන්
මැද කොළඹ  යං චන්දේ එනා

හිරුණිකා  මගෙ නංගියේ ඇයි
උසාවිය ලඟ  ගොම්මනේ ....//